By unusuma.lk on
(LK time)මීට සුළු වේලාවකට පෙර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 187ක් හිමිවූ අතර කෙටුම්පතට විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබාදී තිබුනේ නැත.
එමෙන්ම කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නැත.
ඉන් අනතරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කාරක සභා අවස්ථාව ආරම්භ විය.
එහිදී පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර විපක්ෂ කිසිදු ඡන්දයක් භාවිතා කර තිබුණේ නැත.
ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතර සම්මත් වූ බව කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.