හිටපු පොලිස්පති පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුවට දින නියම වෙයි.!

පසුගිය 2017 වසරේ අප්‍රේල් මස (11) වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව 2019 ජුනි (02) වැනිදා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත එම නිලධාරියා සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකර නඩු පවරා ඇත.

ඒ අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බිය ගැන්වීම් සිදු කිරීමේ චෝදනා වලට අදාළව පවරා ඇති නඩුවේ තීන්දුව සදහා නඩුව පෙබරවාරි මස (19) තෙක් කල් තබන බව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ප්‍රකාශ කළාය.

නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව සදහා නඩු ගොනුව පූර්වගාමී මහෙස්ත්‍රාත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත යොමුකර ඇතැයි මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන් අතර නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පතිවරයා විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.