By unusuma.lk on
(LK time)2017 අප්‍රේල් 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැඟිල්ලෙහි විදුලි සෝපානයේ ක්‍රියාකරුට පහරදීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ දී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (05) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය හමුවේ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පැවසුවේ ජාතික ගීතය වාදනය වන අවස්ථාවේ දී විදුලි සෝපානය ක්‍රියාත්මක නොකරන ලෙස චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබිය දී එම උපදෙස් නොතකා කටයුතු කළ විදුලි සෝපානකරුගෙන් තමා ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා මිස පෞද්ගලික පළිගැනීමට දඬුවම් කිරීමක් හෝ හිරිහැර කිරීමේ අදහසකින් කිසිවක් නොකළ බව හිටපු .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැඟිල්ලෙහි විදුලි සෝපානයේ ක්‍රියාකරුට පහරදීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ දී හිටපු පොලිස්පතිවරයා එසේ සඳහන් කළේය.
පැමිණිල්ලේ සාක්ෂි සටහන් කිරීම අවසන් වීමෙන් පසුව යමක් කීමට තිබේදැයි මහේස්ත්‍රාත්වරිය සිදු කළ විමසීමෙන් අනතුරුව විත්ති කූඩුවේ සිට ඔහු මේ ප්‍රකාශය සිදු කළේය. පාස්කු ඉරු දින සිදු වූ සිදුවීමෙන් අනතුරුව එවකට සිටි ජනාධිපතිවරයා විසින් මා පොලිස්පති ධුරයෙන් අනිවාර්ය විශ්‍රාම යැවීමෙන් පසුව අදාළ සිද්ධියට මුහුණ දුන් විශ්‍රාම ගිය නිලධාරියා වන විදුලි සෝපාන ක්‍රියාකරු නැවත ගෙන්වා වසර දෙකකට පසුව එනම් 2019 වසරේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම මා කෙරෙහි වෛරයෙන් ද්වේෂසහගතව කළ පැමිණිල්ලක් බවට මා විශ්වාස කරන බව ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
2019 වසරේ සිදු වූ අවාසනාවන්ත පාස්කු සිදුවීමෙන් පසු ව්‍යවස්ථා විරෝධී ලෙස එවකට සිටි ජනාධිපතිතුමා පොලිස්පති රාජකාරියෙන් මා අනිවාර්ය නිවාඩු යැවු බවත් මට රැකියාවක් නැතිව නඩු කටයුතුවල සිටින විට මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කර තිබූ බවත් කී ඒ මහතා එවකට සමරකෝන් බණ්ඩා කියන විදුලි සෝපාන ක්‍රියාකරු විශ්‍රාම ගිහින් තිබුණේ යැයිද විශ්‍රාම ගිය නිලධාරියා පණිවුඩ යවා ගෙන්වා අදාළ පැමිණිල්ල කර තිබුණා යැයි ද ඒ මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.
ජාතික ගීය වාදනය වන අවස්ථාවේ විදුලි සෝපානය ක්‍රියාත්මක නොකරන ලෙස එවකට චක්‍රෙල්ඛයක් මඟින් දැනුම් දී තිබිය දී එම උපදෙස් නොතකා කටයුතු කරන බවට ලද තොරතුරුක් මත පරීක්ෂා කිරීමට යාමේදී විදුලි සෝපානය ක්‍රියාත්මක වෙමින් තිබූ බවත් එය ක්‍රියාත්මක කළේ කා වෙනුවෙන්ද යන්න තමන් විදුලි සෝපාන ක්‍රියාකරුගෙන් විමසීමක් කිරීමක් පමණක් කළ බව කී ඒ මහතා පෞද්ගලිකව පළි ගැනීමට දඬුවම් කිරීමට හෝ හිරිහැර කිරීමේ අදහසින් කිසිවක් නොකළ බව ද හෙතෙම කියා සිටියේය.
ස්වාමීනි මට අවශ්‍යතාවයක් තිබුණේ නම් විදුලි සෝපාන ක්‍රියාකරුට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට තිබුණා. එවකට මා පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ යැයි කී ඒ මහතා සිද්ධියෙන් දින දෙකකට පසුව මා නැවතත් එහි ගොස් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. සම්පූර්ණයෙන්ම මා කෙරෙහි වෛරයෙන් ද්වේෂසහගතව කළ පැමිණිල්ලක්. මම එහෙම අදහසින් ආයතන ප්‍රධානියෙක් ලෙස කටයුතු කර නැහැ. නමුත් මට පාස්කුවලින් පසු ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලට තවදුරටත් හිරිහැර කිරීමේ අදහසින් මෙය කළ බවට මම හිතනවා. චක්‍රෙල්ඛයට අනුව වැඩ කරන්න කියා කිවුවා මිස පෞද්ගලිකව පළි ගන්න දඬුවම් කරන්න හිරිහැර කරන්න කළ දෙයක් නෙවෙයි යැයිද හෙතෙම සඳහන් කළේය.
මට එරෙහිව කියවුණු චෝදනා වසර 6ක් තිස්සේ දිගටම අසා අවසන් වීගෙන එන අවස්ථාවේ ආෙයත් සාක්ෂි ඇදලා ගන්න විදිහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ආකල්පය පිළිබඳ මට හිතට අමාරුයි වේදනයි. ඒක මගේ ඉරණම වෙන්න ඕන කියලා මා හිතනවා යැයිද හෙතෙම කියා සිටියේය.
2017 අප්‍රේල් 11 වනදා සිදු වීම වුණා. රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වුවද රාජකාරිය සිදු නොකිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත පරීක්ෂා කිරීමකටයි මා එහි ගියේ. එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් යොමු කර තිබූ චක්‍රෙල්ඛයක් තිබුණා පෙරවරු 8.30ට රාජකාරි ආරම්භ කිරීමට පෙර ජාතික ගීය වාදනය කරන ලෙස. එය ක්‍රියාත්මක වන අවස්ථාවේ 2016 අවුරුද්දේ පොලීසියට වසර 150ක් පිරීම නිමිත්තෙන් පොලිස් ගීතයක් නිර්මාණය කර රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛවලට අනුකූලව පොලිස් ගීතය වාදනය කිරීමට අදාළ චක්‍රෙල්ඛයක් සියලුම ඉහළ නිලධාරින් දැනුම්වත් කර එම චක්‍රෙල්ඛය ඒ සම්බන්ධයෙන් නිකුත් කළා. පොලිස් නිලධාරින්ගේ මානසිකත්වය යහපත ගැන සිතා විනාඩි තුනක භාවනාමය වැඩසටහනක් ඊටම එකතු කළා. අත්‍යවශ්‍ය රාජකාරි නිවාඩු, අසනීප, මාර්ග බාධක රාජකාරි, අධිකරණ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් මෛත්‍රි සහ ආනාපාන භාවනා විනාඩි තුනක් සිදු කිරීමට උපදෙස් දී තිබුණා. ඉන් බලාපොරාත්තු වුණේ රාජකාරිවල ඇති ව්‍යාකූලභාවයෙන් මිදී රාජකාරි සිදු කිරීමට හැකියාවක් ලබා දීම. වාචික උපදෙස්වලට අනුව මාස තුනක් සිදු කළ පරීක්ෂා කිරීම් සතුටුදායක බැවින් චක්‍රෙල්කය පිළියෙල කර ඉදිරිපත් කළා. ඉන් පසුව මට තොරතුරු ලැබුණා ස්ථාන කිහිපයක මෙය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවනබවට. එකක් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ජාතික ගීය වාදනය කරන අවස්ථාවක වෙනත් ආයතනයක වුවත් සීරුවට යනවා. මෙතන මෙය ක්‍රියාත්මක නොවන නිසා එය පරීක්ෂා කර බැලීමට මම පැමිණ මඟින් හැරි පළමු අවස්ථාවේ ගියා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවකුට විදුලි සෝපානය අසල දී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලට අදාළව පවරා ඇති නඩුවට අදාළව සීසීටීවී දර්ශනවලට ඇතුළත් සාක්ෂි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
අනතුරුව වැඩිදුර සාක්ෂි කැඳවීම සඳහා නඩුව ලබන ජූලි මස 16 තෙක් කල් තබන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.