By unusuma.lk on
(LK time)පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අගරදගුරු මැඳුරේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පාර්ශ්වයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවසූවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වත්මන් රජය යටතේ නිසියාකාරව සිදුකරන බව පෙනී යන බැවින් එම විමර්ශනවලට බලපෑම් නොකරන ලෙස උදය ගම්මන්පිල මහතා ඇතුළු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මෙහිදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමූල ඝාතනයක් කියලා අපි හැමෝම දන්නවා. මේ ඝාතනය සිදු වූ අවස්ථාවේ සිට මේ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබුවා. නමුත් පසුව චැනල් ෆෝ නාළිකාව අලුත් තොරතුරු රැසක් අනාවරණය කළා. අනතුරුව ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කරනු අප දුටුවා. පාර්ලිමේන්තු විවාදවලදී අලුත්ම කරුණු රැසක් අනාවරණය කෙරුණා. නමුත් හරියට විමර්ශන සිදු කෙරුණේ නැහැ.
දැන් නව රජය යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ විමර්ශනවලට බලපෑම් කරන්න එපා කියලා මම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිදහස දුන්නම අවශ්‍ය පර්යේෂණ ස්වාධීනව සිදු කරයි. ඒ අයට අවශ්‍ය සම්පත් දෙන්න වෙනවා. මේ පිළිබඳව විමර්ශන ගැන දේශපාලනඥයන් නොයෙකුත් දේ කියනවා අපි පහුගිය දවස්වල දැක්කා. මේක දේශපාලනඥයින්ගේ කාර්යයක් නෙවෙයි. වින්දිතයින්ගේ පැත්තෙන් මේකෙ සත්‍යතාව සොයා ගැනීමයි විය යුත්තේ.
අවශ්‍ය විමර්ශන නිසියාකාරව සිදුවිය යුතුයි. ඒක සී.අයි.ඩී. එකේ කාර්යභාරයක්. මේක දේශපාලනඥයන්ගේ කාර්යභාරයක් නෙවෙයි. දේශපාලනඥයන් ඇඟිලි ගහන්න අවශ්‍ය වෙන්නේ නෑ. විමර්ශනයට බලපෑම් ඇති කරනවා යනු අපරාධකාරයින් පිළිබඳ තොරතුරු වසන් කිරීමට උත්සාහ කිරීමයි. අපි දේශපාලනඥයන්ගෙන් ඉල්ලන්නේ විමර්ශනවලට බලපෑම් සහ ඇඟිලි ගැසීම් සිදු කරන්න එපා කියලයි. දේශපාලනඥයන්ට හෝ වෙනත් කාගේ හෝ බලපෑම්වලට යටත්ව විමර්ශන කඩාකප්පල් වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.
ගම්මන්පිල මහතාට කියන්නේ එතුමාගේ වගකීම සහ කාර්යභාරය ඉටු කරගෙන ඉන්න. එහෙම නැතුව පටන් අරන් තියෙන කරගෙන යන විමර්ශන ගැන කතා කරන්න එතුමා විශේෂඥයෙක් නොවේ. ඒක තීරණය කරන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. අනිත් කාරණය තමයි දැන් මේ වින්දිතයන්ට නැති මහ ලොකු කැක්කුමක් ගම්මන්පිල මහතාගෙ ප්‍රකාශවලින් දැක්කා.
මෙහෙම කෙනෙක්ව ගෙන්නන්න යනවා කියලා උපකල්පනය කරනවා. සිදු විය යුත්තේ කාව ගෙන්නලා හරි මේ පර්යේෂණය සිදු කරන එකයි. පර්යේෂණයට අවශ්‍ය මිනිස්සුන්ව සාක්ෂි කැඳවන්න ඕනේ. ඉමාම් කමිටු වාර්තාව ගැන ඔහු කියනවා. ඒ ඉමාම් කමිටුව පත් කරලා තිබුණේ චැනල් ෆෝ නාළිකාවේ විකාශනය වූ වැඩසටහන පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා නිර්දේශ ඉදිරිපත් කරන්නයි.
නමුත් ඉමාම් කමිටුවේ අපි දැක්ක හැටියට ඒ වාර්තාවේ තියෙන්නේ පිල්ලියාන්ගේ සහ සුරේෂ් සලේගේ කටඋත්තර සහ නැත්තම් සාක්ෂි සටහන් පමණයි. ඒකට මූලිකවම අදාළ වූ අසාත් මවුලානාගේ කිසිම සාක්ෂි විමසීමක් කටඋත්තර ගැනීමක් හෝ ඔහුගේ පැත්තෙන් ප්‍රශ්න කිරීමක් සිද්ධ වෙලාම නෑ.
ඒක පිළිගන්නේ කොහොමද අපි. අසාත් මවුලානාගෙන් මේ ගැන විමසන එකයි හරි නම් කරන්න තිබුණේ. ඔහු තමයි චැනල් ෆෝ නාළිකාවට මේ තොරතුරු අනාවරණය කරන්නේ. එක්කෝ ඔහු ගෙන්නලා හරි වෙනත් විදිහකින් හරි ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි. ඒක කරන්නේ නැතුව වෙනත් පුද්ගලයින්ගෙන් විතරක් කටඋත්තර සටහන් කර තීරණ ගන්න බැහැ. අපි ඒ වාර්තාව පිළිගන්නේ නැහැ.
ඒ වාර්තාව පිළිගන්න බැහැ. අදාළ පුද්ගලයාගෙන් සාක්ෂි සටහන් කරගන්නේ නැතුව කොහොමද විමර්ශනයක් කරන්නේ. ඒක තමයි ඉමාම් කමිටුවේ වෙලා තියෙන්නේ. ඒක අපිට පිළිගන්න බැහැ.
තවමත් විමර්ශනය කරපු නැති නිසා අනිවාර්යෙන්ම එය විමර්ශනය කළ යුතුයි. ඒකට ගම්මන්පිල මහත්මයා කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කවුරුත් කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විමර්ශනය කරනවා කියන්නේ කාව හරි වැරදිකාරයා කරනවා කියන එක නෙවෙයි. සත්‍ය සොයන එකයි. මේකට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. මේ රටේ සාධාරණත්වය යුක්තිය සත්‍ය සොයා යන මිනිසුන් හැටියට අප කළ යුත්තේ සාධාරණ පිළිෙවළට විමර්ශනවලට අපේ සහයෝගය ලබා දීමයි.
අපි ගම්මන්පිල මහත්තයටත් කියන්නේ මේ විමර්ශන නිම වෙනතුරු ඉවසීමෙන් ඉන්න. අපි දැන් අවුරුදු පහමාරක් හයක් තිස්සේ ඉවසීමෙන් ඉන්නවා මේ විමර්ශන සිදුවනතුරු. විමර්ශනවලින් අනතුරුව ප්‍රශ්නයක් තිබේ නම් අපිට පුළුවනි ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න. මේ විලාපය කුලියට ගත්ත එකක්ද එහෙම නැත්නම් එයාගේම එකක්ද කියලා අහන්න ඕනේ ගම්මන්පිල මහත්මයාගෙන්මයි. අපිට තේරෙන දේ නම් ඒ විමර්ශන කරගෙන යනකොට ඊට බාධා කරනවා කියන්නේ ඒකෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එකයි.
විමර්ශන නවත්තන්න ඕනේ කොටසක් විමර්ශනයෙන් අයින් කරගන්න ඕනෙ වගේ දෙයක් අපිට හැඟෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. විමර්ශනවලට ඉඩ දීලා ඉන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සේ බේරගන්න පුළුවන්.
එහෙම වුණත් අධිකරණයත් එක්කයි බේරගන්න අවශ්‍ය වෙන්නේ. විමර්ශන නවත්වන්න හෝ මේ කොටස ප්‍රශ්න කරන්න එපා කියලා හෝ කියන්න බැහැ. අලුතෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙන හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් මේක අවසානයට ළඟා වෙයි කියලා.
දැනට තිබෙන වාතාවරණය සලකා බලද්දී අපිට ඒ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. වත්මන් රජයෙන් මේකට සාධාරණ විමර්ශනයක් සිදු කරලා මේ විමර්ශන හරියට සිදු කරයි කියලා. අපිට තවම කොහෙවත් වාර්තා වෙලා නැහැ විමර්ශනවලට රජයේ කොහෙන්වත් බලපෑම් තියෙනවා කියලා. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ස්වාධීනත්වය නිදහස ලබා දීලා තියෙනවා කියන එක තමයි අපිට දැනට පේන්නේ.
ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා. එය සියයට සීයක විශ්වාසයක් නොවුණත් රජයේ පාර්ශ්වයෙන් කරන්න ඕන දේ තමයි මේ විමර්ශනවලට අවශ්‍ය කරන නිදහස ලබා දෙන එක. ඇඟිලි ගහන්නෙ නැතුව ඉන්න එක. අවශ්‍ය කරන සම්පත් සහ උදවු ලබා දෙන එක. ඉතුරු ටික අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බලා ගනීවී. මේ වෙනුවෙන් අපිට විශ්වාසයක් තියෙනවා. නමුත් සටන අත්හරිනවා කියලා අපි ඒකෙන් අදහස් කරන්නේ නැහැ. සත්‍ය ලැබෙන තුරු අපි මේ පිළිබඳ සටන් කරනවා.
අපි දන්නේ විමර්ශන ඉදිරියට පැවැත්වෙනවා කියන එකයි. කොයි තරම් කාලයක් විමර්ශනවලට අවශ්‍යයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ විමර්ශන ඉදිරියට කරගෙන යාමයි. ඉදිරියට යනවනම් ඒකට බලපෑමක් වෙන්නෙ නැත්නම් එච්චරයි.