By unusuma.lk on
(LK time)ඊයේ (05) සවස වයස 76 ක් වූ රාගම – තලගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් සිය නිවසේදී ගෙල කපා ගිනි තබා ඝාතනය කර තිබේ.
මියගිය කත ස්වාමි පුරුෂයා සමග නිවසේ පදිංචිව සිටින අතර ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
ස්වාමි පුරුෂයා නිවසට පැමිණ බිරිඳ පිළිබඳව සොයා බැලීමේදී ඇය මෙලෙස ඝාතනය කර ඇති බව දැක ඇති බව පොලීසිය පවසයි.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.