By unusuma.lk on
(LK time)කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පැවති උණුසුම් කාලගුණ තත්වයේ වෙනසක් සිදුකරමින් පෙබරවරී මාස 24 වන දින සිට රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ උතුරු, උතුරුමැද, නැගෙනහිර ඌව හා මධ්‍යම පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාත්‍රී කාලයේදී වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
එමෙන්ම ගාල්ල, මාතර, කවතර හා රත්නපුර දිස්ත්‍රික්කව සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.