රාමනාදන් අර්චුනා.. නෑ.. නෑ.. අර්චුනෑ ලෝචනා.. අධිකරණයෙන් නියෝගයක්.!

පොලිස් රථවහන අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සම්බන්ධ නඩුව කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර ඇත.

සැකකරු තමා බව පවසමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වුවද ඔහු මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් පිළිගැනීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය තරයේ ප්‍රතික්ෂේප කළේය.

අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අනුරාධපුර පොලීසිය විසින් සැකකරුගේ නම යොදා ඇත්තේ “අර්චුනෑ ලෝචනා” ලෙසින් වන අතර නමුත් ඔහුගේ රියදුරු බලපත්‍රයේ නම සඳහන්ව ඇත්තේ රාමනාදන් අර්චුනා ලෙසය.

එබැවින් නිවැරදි සැකකරු සොයා අධිකරණයට වාර්තා කරන මෙන් අධිකරණය එම අවස්ථාවේදී නියෝග කළ බව මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ නීතිඥවරයා සදහන් කරයි.

ඒ අනුව අද දින අධිකරණයට ඉදිරිපත් වුණ සැකකරුගේ නම සහ පොලිසිය බී වාර්තාව මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති නම අතර පරස්පරතාවයක් තිබෙන බැවින් මහේස්ත්‍රාත්වරයා ඒ අනුව නඩුවට අදාළ සැකකරුවකු ලෙස රාමනාදන් අර්චුනා යන අය ඉදිරිපත්වීම පිළිගත නොහැකි බව සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.