කෙහෙළිය පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම හමුවට.!

ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (20) නියෝග කළාය.

එහිදී අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නාය. 

ඒ අනුව ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහසේත්‍රාත්වරිය කළ නියෝගයට අනුව සැකකාර රමිත් රඹුක්වැල්ල මහතා අද දින අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments