By unusuma.lk on
(LK time)අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් වූ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ දිනයේ පැවති ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් සුවිශේෂී ප්‍රකාශයක් සිදුකළේය.
එහිදී හිටපු විනිසුරුවරයා පවසා සිටියේ රටේ මුල් බැසගෙන තිබෙනා දූෂණ අක්‍රමකිතා අවසන් කිරීම වෙනුවෙන් කළ හැකි සියල්ල සිදුකරනා බවයි.
සිය දේශනය තුළ ඒ වෙනුවෙන් ඒ මහතාගේ කැපවීම ප්‍රදර්ශනය කළ අතර විටෙක ඔහු පවසා සිටියේ ජනවාරි මස පත්වීම් ලද දින සිට මේ වන තෙක් එකදු නිවාඩුවක් හෝ ලබා නොගත් බවයි.
සෑම දිනකම උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා කැපවීමෙන් රාජකාරි සිදුකරනා බවත්, මේ රට ගොඩනැගීම සඳහා සියලුම රාජ්‍ය සේවකයන්ට එක් වන ලෙසත් එතුමා ආරාධනය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංග දිසානායක මහතා,
“අපි කරන්නේ අපිට නීතියෙන් පැවරිලා තියෙන දේවල්. සමහර වෙලාවට ඔවුන්ට අනුමාන කරන්න පුළුවන් දැන් මෙයා එනවා මෙයාව ගේනවා කියලා. තොරතුරු කොමිෂන් සභාවේන් පිටතට යෑම සිද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒක වළක්වා තිබෙන තත්ත්වයක්.
ඔබ පනත්තේ 28වන වගන්තිය බැලුවොත් කාර්යාංශයේ සියලුම දෙනා අත්සන් තබනවා රහස්‍යභාවය රැකීම සම්බන්ධයෙන් වූ ලේඛනයකට. ඒ අනුව අපි සියලු දෙනාම රහස්‍යභාවය රැකීමට බැඳී සිටිනවා. ඒ වගේම යම් තැනැත්තෙක් ඒ රහසේ භාවය කඩ කරනවානම් ඔහුට එරෙහිව නඩු පෑරීමේ බලයකුත් පනතේ තිබෙනවා.
කෙසේ වෙතත් කුමන හෝ දේශපාලනඥයෙක් කියන කුමන හෝ කාරණාවක්, ආණ්ඩුවේ දේශපාලනඥයන් පවසනවා මෙන්න මේ අයට නඩු පවරනවා කියලා, විපක්ෂයේ දේශපාලඥයෝ පවසනවා ලැයිස්තු තියෙනවා කියලා. නමුත් මම ඒවට උත්තර දෙන්නේ නෑ. මට කොහෙන්වත් ලැයිස්තු දෙන්න අවශ්‍ය නෑ. මට ආණ්ඩුවේ දේශපාලනඥයෝ ලැයිස්තු දෙන්න ඕනෙත් නෑ . මංගාව තියෙනවා විශාල ලිපිගොනු ගණනාවක්. ඒවා බොරුවට හදපු ලිපිගොඩු නෙමෙයි. ඒවා මේ රටේ මිනිස්සු දැකපු, පැමිණිලි කරපුවා විමර්ශනය කරන ඒවා.
ඒවා සම්බන්ධයෙන් විමර්ශනය කරලා නඩු පවරන්න තමයි මම ඉන්නේ. වෙන මොකටද මම ඉන්නේ. කොමිෂන් සභාව ඒ සඳහා මට බලය දුන්නට පස්සේ මම විමර්ශන කළයුතුයි.
කවුරුහරවුරු හරි කෙනෙක් විමර්ශන නොකර ඉන්නවනම් අන්න එතන දේශපාලන බලපෑමක් තියෙන්න පුළුවන්, එතකොට යම් කෙනෙක් කියනවා නම් ඒ ගොනුවලට විමර්ශන කරන්න එපාය, නඩු පවරන්න එපාය කියලා එතන බලපෑමක් තියෙනවා. ඒ වගේම ඇත්තටම වරදක් නොකළ ඒවාට නඩු පවරන්න කියලා බලපෑමක් තියෙනවා නම් එතන බලපෑමක් තියෙනවා.
නමුත් මෙතන එවැනි දෙයක් නෑ. අපි කරන්නේ අපට දැනට ලැබිට තියෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ ඉදිරියේදී ලැබෙන පැමිණි වලට අදාළව විමර්ශනය කර නඩු පැවරීම.
අපි කිසිම අවස්ථාවක අපට ශාක්‍ෂි නැති මිනිස්සුන්ට නඩු පවරන්නේ නෑ. එහෙම කරොත් ඔවුන් අධිකරණයෙන් නිදොස් වෙනවා. එතකොට පේන්නේ අපි නිවැරදි සාක්ෂි නැතිව නඩු පවරපු බව. මම විනිශ්චකාරවරයෙක් වශයෙන් දන්නවා මොකක්ද උසාවියට ගියාට පස්සේ වෙන දේ කියලා.
උසාවියට ගියාට පස්සේ සාක්ෂි තියෙනවද කියන දේ බලලා තමයි මම කටයුතු කරන්නේ. ඇත්ත වශයෙන්ම වැරදි කළ සහ ඒවා ඔප්පු කළ හැකි පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු පවරලා මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස්සු මේ දූෂණයෙන් හෙම්බත් වෙලා ඉන්නේ. මේ රට දාලා යන්නේ ඇයි මිනිස්සු.? මිනිස්සු මේ රට දාලා යන්නේ ඒ මිනිස්සු බලන බලන තැන දූෂණය, අපි දශක ගාණක් බලන් ඉන්නවා. අපි පොඩි කාලේ කිව්වේ අපේ රට සංවර්ධන වෙමින් පවතින රටක්. අපි අදත් කියනවා අපේ රට සංවර්ධන වෙමින් පවතින රටක්.
අපි කවද්ද සංවර්ධිත රටක් දකින්නේ.? එතකොට මිනිස්සුන්ට එපා වෙනවා. අපි දියුණු වෙන්නේ නැද්ද, පිටරටවල් වල දේවල් මිනිස්සු දකිනවා, අද තාක්ෂණයේ දියුණුයි, රූපවාහිනියන් අන්තර්ජාලය මිනිස්සු දකිනවා. මිනිස්සු ලෝකයේ රටවල් දියුණුවෙන හැටි දකිනවා. අපි තාම එක තැන.
ඒ හැම දේම වෙලා තියෙන්නේ දුෂණය හොරකම නිසා කියන එක මේ රටේ මිනිස්සු දන්නවා. එතකොට ඒ රටේ මිනිස්සුන්ට සාධාරණේ ඉෂ්ට කරන්න ඕනේ නැද්ද.? ඒ සාධාරණ ඉෂ්ට කරන්න තමයි මේ ස්වාධීන ආයතනයේ පිහිටවලා තියෙන්නේ.
සාධාරණ ඉෂ්ට කිරීම තමයි අපේ එකම අරමුණ. අපිට මේ රටේ පුරවැසියන් ලෙස වගකීමක් තියෙනවා. මම මේ තනතුර භාරගත්තට පස්සේ මට තියෙනවා වගකීමක් ඒ වගකීම මම කරන්න ඕන. එහෙම නැතුව මට ඒ වගකීම පැහැර හැරෙන්න හැකියාවක් නෑ. මට විනිශ්චකාරවරයෙක් විදිහට ඉන්න තිබ්බා. මම මේ වගකීම බාරගත්ත හේතුවක් තියෙනවා. මේ රටේ යම් දෙයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මට වෙන දෙයක් නෑ, මට වගේම හැම මිනිහටම එහෙම උවමනාවක් තියෙනවා නම් මේ රට මීට වඩා වෙනස් තැනකට ගෙනයන්න පුළුවන්.
ඒ නිසා මම ඉතා පැහැදිලිව කියනවා මට වෙන අරමුණක් නෑ. මම පුරවැසියෙක් විදිහට මම ආඩම්බරයි. මම සතුටු වෙනවා මට යම් දෙයක් කරන්න පුළුවන් වීම ගැන. ඒ සම්බන්ධව මම සිදුකරන්න පුළුවන් උපරිමය කරනවා.
මම එක දෙයක් කියන්නම්, පුරසාරමක් නෙවෙයි. මම ජනවාරි 10 මේ තනතුරට ආව දවසේ ඉඳන් එක නිවාඩුවක් අරගෙන නෑ. මම හැමදාම උදේ හතේ ඉඳන් රෑ හත වෙනකම් වැඩ කරනවා. ම රජයේ වැටුප් ලබන පුද්ගලයෙක් විදිහට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස වැටුප් ලබන රාජ්‍ය නිලධාරියෙක් විදිහට මගේ සේවාව මම කරනවා. මට මේ රටේ රාජ්‍ය සේවකයන්ට දෙන්න ඕන ආදර්ශය තමයි ඔබ ඔබේ කොටස කරන්න ඔබ ඔබේ වගකීම කරන්න එවිට ඔබට මේ රට හිතට තැනට ගෙනියන්න පුළුවන්.
ඒ නිසා අපේ අරමුණ මේක කොමිෂන් සභාවේ සියලුම දෙනාම ඒ වෙනුවෙන් වැඩ කරනවා ඉතා සීමිත කාර්ය මණ්ඩලයක සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ අපිට පුළුවන් වෙලා තියෙනවා සියලු දෙනාම එකතු වෙලා මේ ගමන යන්න කොතරම් දුෂ්කරතා මැද වුනත්.”