රේන්ජ් රෝවර් චෝදනාවට වසන්ත පිළිතුරු දෙයි.!

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් Range Rover වර්ගයේ සුඛෝපභෝගී රථයක් පරිහරණය කරන බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා විසින් ප්‍රකාශ කළේය.

චාමර සම්පත් මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙත ප්‍රශ්ණයක් යොමුකරමින් පවසා සිටියේ සිටියේ ඩබල් කැබ් පරිහරනය කරනා බවට ජනතාවට පැවසූ මන්ත්‍රීවරු දැන් රේන්ජ් රෝවර් භාවිතා කරනා බවත් අගමැතිනිය ඒ පිළිබඳ සොයා බලනා ලෙසත් ය.

අද (8) මාධ්‍ය නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එම චෝදනාව සඳහා පිළිතුරු ලබාදුන්නේය.

ඔහු පැවසූවේ තමාට අයත් අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ වාහන සංචිතය තුළ V8 වර්ගයේ ප්‍රාඩෝ රථ දෙකක්, රේන්ජ් රෝවර් රථයක් BMW රථයක් සහ තවත් භාවිතයෙන් ඉවත් කළ සුඛෝපභෝගී රථ කිහිපයක්ද ඇතුළත් බවයි.

එවැනි සුඛෝපභෝගී රථයක් පරිහරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් තමා ඉල්ලුම් කළ පරිදි ඩබල් කැබ් රථයක් ලබාදෙන තෙක් ඒ අතරතුර කාලය භාවිතා කිරීම සඳහා අමාත්‍යවරයාගේ වාහන සංචිතය අතරින් ඉහළම තෙල් පිරිවැස්මක් සහිත වාහනය තමාට ලබාදුන් බව අමාත්‍යවරයා පවසයි.

එම වාහනය ඉතාම කෙටි කාලයක් පමණක් භාවිතා කළ බවත් මේ වන විටතමාට ඩබල් කැබ් රථ දෙකක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගාලු මුදුරු පිටියට ගෙන විත් තිබූ වාහන සංචිතයට මේ වන විට කුමක් සිදුවීදැයි එහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසූවේ මේ මස පෙබරවාරි 28 වන විට එම වාහන සියල්ල වෙන්දේසි කර අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට මේ වන විට අනුමැතිය ලබා දී ඇති බවත් ජනාධිපති කාර්‍යාලය ඇතුළු සියලුම අමාත්‍යාංශවල පවතින ඇන්ජින් ධාරිතාව CC 1500 වඩා වැඩි පෙට්‍රල් වාහන සහ එන්ජින් දාරිතාව CC 2300 වැඩි ඩීසල් වාහන මෙලෙස වෙන්දීසි කිරීම සඳහා ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.