By unusuma.lk on
(LK time)රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් සමගි ජන සන්ධානයෙන් දුරකතනය ලකුණ යටතේ එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව මේ වන විට තීරණය ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමගි ජන සන්ධානයට එක්ව මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවලදී සාකච්ඡා කළ බවත් එහිදී එම පක්ෂ ඊට එකඟත්වය පළකර ඇති බවත් වාර්තා වේ.
සමගි ජන සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රමුඛ පිරිසක් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡා වට ගනනාවක් අවසානයේ මෙම එකඟතාවන්ට පැමිණ ඇති බව සඳහන්.
එය තහවුරු කරමින් පක්ෂ දෙකම එක්ව තරග කිරීම සම්බන්ධයෙන් මූලික එකඟතාවට පිවිසි බව පසුගියදා සමග ජන බලවේග මහ ලේකම්වරයා ද ප්‍රකාශ කළේය.
එහි මුල් පියවර ලෙස බිම් මට්ටමේ පාක්ෂිකයන් එක්ව ප්‍රතිසංවිධානය කොට එළඹෙන මැතිවරණයට පෙළ ගැස්වීමට තීරණය වී ඇත.