By unusuma.lk on
(LK time)ඊයේ (12) “සිරිකොත’’ පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබාදීම සඳහා පැවැති උත්සවය අතරතුර ආසන සංවිධායක ධුර ලබාදී තිබෙන ආකාරය සම්බන්ධව පිරිසක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වී සිටියහ.
මෙහිදී කළුතර දිස්ත්‍රික් නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්නට ලබාදීම සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න සිය විරෝධය දැක්වූවේය.
එම විරෝධය දැක්වූයේ ඔහු හිටපු ජනාධිපතිවරයා අතින් කළුතර ආසන සංවිධායක ධුරයකට අදාළ පත්වීම් සහතිකය ලබාගනිමිනි.
මෙහිදී පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකත්වය සහ බේරුවල ආසන සංවිධායක ධුරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්නට ලබාදී තිබිණි.
හිටපු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න – සර්. මට පොඩ්ඩක් කාරණයක් කියන්න තියෙනවා. මම මේ පක්ෂය ගොඩදාන්න කටයුතු කළා.
හිටපු ජනාධිපතිවරයා – දැන් වෙනස් කරන්න බෑ.
හිටපු මන්ත්‍රිවරයා – රාජිත තනියම වැඩ කරනවා සර්.
මේ අතර අගලවත්ත සංවිධායක ධුරය දීප්ති ගුණසිංහට ලබාදීම සම්බන්ධවද අගලවත්ත කලාප සංවිධායකයන් දෙදෙනකු හිටපු ජනාධිපතිවරයාට විරුද්ධත්වය ප්‍රකාශ කළහ.
ඔවුන් දිගින් දිගටම සිය විරෝධය දක්වද්දී “කරුණාකර වාඩිවෙන්න’’ යැයි හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේය.
පසුව කලාප ආසන සංවිධායකවරුන් දෙදෙනා එම ස්ථානයෙන් පිටව ගියහ.