රනිල් සජිත් හවුලෙන් සජබ ඇතුලතින් පුපුරයි.!

සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායම් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය හේතුවෙන් ඉදිරි දේශපාලන කටයුතුවලදී පක්ෂයට සහ පක්ෂ නායකත්වයට හානියක් සිදුවීමට අවස්ථාවක් පවතින බවයි.

සජබ ක්‍රියාකාරී චරිත් අබේසිංහ පවසන්නේ පක්ෂය ගත් එම තීරණයට තරුණ මන්ත්‍රීවරුන් ද අප්‍රසාදය පළ කරන බවයි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ, වෙනත් පක්ෂයක් සමඟ සම්බන්ධවීමෙන් සජබ පිරිහීමට ලක්වන බවයි.

මැතිවරණයට පෙර එකතු නොවූ පක්ෂ පරාජයෙන් පසු එකතුවීම හරහා වැරදි පූර්වාදර්ශයක් ජනතාවට ලැබෙනා බවත්. එවිට ආණ්ඩුවට එරෙහිව හොරු එකතුවන බවට ජනතාව විශ්වාස කරනා බවත් ය.

නයි මුගටි ගංවතුරෙදි එකම කොටේ ලගින බව කියනා බැවින් ආණ්ඩුව පිරිහෙමින් යන මොහොතක පක්ෂයක් ලෙස කළ යුත්තේ පක්ෂය ප්‍රතිව්‍යුහ ගතකරමින් නැවතත් ජනතාව සමඟ වැඩ කිරීම බවයි.

මීට මාස 4කට පෙර අනුර රනිල් ගිවිසුම ගැන කතාකළ සජබ, රනිල් සමඟින් නැවත එක්වීමට යෑමෙන් පක්ෂයේ සුජාත භාවයට හානි විය හැකි බවද ඔහු පවසයි.

එවැන්නක් සිදු උවහොත් ජනතාව අසනා ප්‍රශ්න වලට පිළිතුරු දීමට හැකියාවක් නැතිව අසරණ විය හැකි බවත් චරිත් අබේසිංහ පවසයි.


Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.