By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිනකට පවුම් දහසක් බැගින් ගෙවමින් “බොටලේරුවකු” එංගලන්තයේදී සේවයට යොදා ගැනීමේ සිදුවීමක් පිළිබදව අද (15) පාර්ලිමේන්තුවෙිදී හෙළිවිය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවෙිදී කළ අනාවරණයකදී මෙම කරුණු හෙළිවිය.
අමාත්‍ය බිමල් රත්නායක සදහන් කළේ,
“2023 සැප්තැම්බර් (22) සහ (23) යන දින දෙකේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රයිවට් විසිට් එකක්. ඒකෙ ඩෙලිගේෂන් එකක් තිබෙනවා, 10 දෙනෙක්. රනිල් වික්‍රමසිංහ, එතුමාගේ බිරිඳ, සේනාරත්න දිසානායක, මිස් සන්ද්‍ර පෙරේරා, ඩොක්ටර්, සිකියුරිටි, ඇඩ්වාස් සිකියුරිටි මේ ඔක්කොම තියෙනවා.
ඒ අගෝස්තු (16) වැනිදා. ඒ සදහා අවශ්‍ය කරන මුදල් ඉල්ලලා යවලා තිබෙනවා. මේ විදිහට පෞද්ගලික සංචාරයක් සදහා කියලා පැහැදිළිව පටන් අරන් වියදම් කරලා තිබෙනවා, සාමාන්‍යයෙන් ගත්තොත් පවුම් 40,000ක්. ලංකාවේ මුදල් රිලීස් කරලා තිබෙනවා, හරියටම ගත්තොත් ලක්ෂ 162ක්.
මිලියන 16කුත් දෙලක්ෂ හැත්තෑ දහස් පන්සිය හැත්තැ දෙකයි සත අසු තුනක් නිකුත් කරලා තිබෙනවා සැප්තැම්බර් (12) වැනිදා 2023. හැබැයි දැන් අපිට ලියුමක් හම්බෙනවා ඒකෙ ප්‍රයිවට් විසිට් අයින් කරලා ඔෆීසියල් පෝගෑම් කියලා. මම මේක හොයලා බැලුවා ප්‍රයිවට් විසිට් එක එකපාර ඔෆීසියල් වුණේ කියලා.
මේ මොනවාරි දෙන ක්ලේම් එක ගන්න. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එතුමාගේ බිරිඳගේ පෞද්ගලික සංචාරයක් සදහා සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ මුදලින් මිලියන 16ක් වියදම් කරලා තියෙනවා. දැන් ෆෙරාරිය කොහොමත් හැප්පිලා තියෙන්නේ.
අපි ඒ නිසා හෙට ස්ටෙිට්මන්ට් එකක් දෙනවා බටලන්ද ගැන. අපි දැනගන්න කැමතියි, මේක අපරාධමය වරදක්. අපි හිතනවා විදේශ අමාත්‍යංශය, කොහොමද මේ මුදල් වියදම් කරේ. එනිසා විදේශ අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා ඇමතිතුමා ඇතුළු, මේ පිළිබදව පරීක්ෂණ කරන්න කියලා. අපි ලැජ්ජා වෙනවා, මේ දුප්පත් රටේ එයාම බංකොලොත් කරපු රට මේ.”