By unusuma.lk on
(LK time)වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (13) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස පොලීසියෙන් සිදුකළ ඉල්ලීමට අනුව ඊට අවසර ලබාදෙමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝගය නියෝයක් නිකුත් කළේය.
සැකකරුගේ සහෝදරිය සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයාද මෙම සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
පසුගිය 10 වනදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ යෙදී සිට නිල නිවසට යමින් සිටි වෛද්‍යවරියක් බරපතළ ලෙස දූෂණය කර තිබුණි.
සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (12) දින අත්අඩංගුවට ගත් අතර ඔහුව මෙලෙස අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.