රවී කරුණානායකට දින දෙයි.!

අල්ලස් කොමිසම විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් මැයි (28) වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් නියෝග කර ඇත.

එම නඩුව (29) කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය අභියෝගයට ලක් කරමින් තම සේවා දායකයන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව සදහන් කළ අතර ඒ අනුව මෙම නඩුව කැඳවීම සදහා දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසත් ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළිත් එළ⁣ඹෙන මැයි (28) වැනිදා කැඳවීමට නියෝග කළේය.

පසුගිය 2016 පෙබරවාරි (12) වැනිදා සහ එම වසරේ සැප්තැම්බර් (30) දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් රවී කරුණානායක මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් කර ඇති බවට චෝදනා කරමින් රවී කරුණානායකට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.

එම ක්‍රියාවලිය සදහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාග මේ අධ්‍යක්ෂවරයකු වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිවද අල්ලස් පනතේ 19(ඇ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇතැයිද අධි චෝදනා එල්ල කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments