By unusuma.lk on
(LK time)රජයේ විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොනරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා කතරගම දේවාලයට ගොස් විගණන කටයුතු ආරම්භ කර තිබිණි.
නමුත් විහාර හා දේවාලගම් පනත අනුව එවැනි විගණනයකට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළ යුතු එම විගණනය අතරමඟ නවතා දැමීමට විගණන නිලධාරීන්ට සිදුවිය.
එහිදී අනාවරණය වූ තොරතුරු අනුව කතරගම දේවාලයේ කපු මහත්වරුන් පමණක් වාර්ෂිකව මිලියන 600 පමණ ආදායමක් ලබන බව වාර්තා වේ.
කතරගම දේවාලයේ තේවාව භාරව කපු මහත්වරුන් 10 දෙනකු කටයුතු කරන අතර, ඒ අනුව වසරකට එක් කපු මහතකුට ආසන්න වශයෙන් රුපියල් කෝටි 6ක මුදලක් හිමි වනු ඇත.
කෙසේවෙතත් බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට ලැබෙන සෑම ආධාරයක්ම විනිවිදභාවයකින් යුතුව වෙබ් අඩවියේ පළ කරන බවද ඒ විමර්ශනයේදී තහවුරු වී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් මහතා පවසා ඇත්තේ මේ විගණනය තමාට ලැබුණු දේව ආශීර්වාදයක් බවයි.
කතරගම දේවාලයේ ආධාර විනිවිදව පවත්වාගෙන යන ආකාරය මෙයින් අනාවරණය වනු ඇතැයිද බස්නායක නිලමේවරයා පවසා ඇත.
විගණනය කිරීම අනිවාර්ය බව පැවසූ නිලමේවරයා ප්‍රකාශ කළේ රජයේ අනෙක් ගිණුම් කටයුතු විගණනය වන්නා සේම දේවාලයේ ගිණුම් කටයුතුද විගණනය විය යුතු බවයි.
Source – Silumina