By unusuma.lk on
(LK time)වී අස්වනු නෙළීම ආරම්භ කර තිබුණත් රජය තවමත් නිල වශයෙන් වී වලට සහතික මිලක් නියම නොකිරීම නිසා මහ මෝල් හිමියන් සහ අතර මැදියන් ගොවීන්ගෙන් තුට්ටු දෙකට වී මිලදී ගැනීමට පටන්ගෙන ඇතැයි ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා සදහන් කරයි.
මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සදහා පළමු වතාවට රජය රුපියල් කෝටි 500ක් වෙන් කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළත් එම මුදලින් රජයට මිලදී ගත හැක්කේ වී මෙට්‍රික් ටොන් 41,000ක පමණ ප්‍රමාණයක් බවද ඔහු සදහන් කරයි.
රට තුළ මතුව තිබූ හාල් හිඟය නිසා මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල නෙළන අස්වැන්න මිලදී ගැනීමට වීමොල් හිමියන් සහ අතරමැදියන් ඉදිරිපත්ව සිටින බවත් දිස්ත්‍රික්කවල රතු කැකුළු වී කිලෝවක් රුපියල් 140ත් 160ත් අතර සාධාරණ මිලකට අලෙවි වෙමින් තිබූ බවද ඔහු සදහන් කරයි.
වත්මන් රජය තවමත් වී වලට සහතික මිලක් නියම නොකර සිටින්නේ රජයේ වී ගබඩා ශුද්ධ කර වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය සකසා නොමැති නිසා බවද ඔහු සදහන් කරයි.
එහෙත් ත්‍රිකුණාමල, අම්පාර, මඩකළපුව යන දිස්ත්‍රික්කවල නාඩු වී කිලෝව රුපියල් 130 ට අලෙවි වෙමින් තිබූ මුත් (25) සිට වී මිලදී ගැනීමට ලොරි නොඑන බවට කළ දැනුම් දීමත් සමඟ තැරැව්කරුවන් රුපියල් 100ට අඩුවෙන් වී මිලදී ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද ඔහු සදහන් කරයි.
ත්‍රිකුණාමලය, අම්පාර, මඩකළපුව යන දිස්ත්‍රික්කවල මහ කන්නයේ වී අස්වනු නෙළීම මෙම සතියේ සිට තීව්ර වන බවත් රජය වී සදහා සහතික මිලක් නියම නොකළහොත් වී ගොවීන්ගේ අස්වනු ටික මහ මෝල් හිමිකරුවන්, අතර මැදියන් සමඟ එක්ව කොල්ලකෑම නතර කර ගැනීමට නොහැකි වන බවද සදහන් කරයි.
එනිසා තවත් එක් දිනයක් හෝ පමා නොකර රජය වී සඳහා සහතික මිලක් නියම කළ යුතුව තිබෙන බවත් මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 20,000ක් පමණ වතුරට හසු වුවත් විනාශ වනවා නම් විනාශ වන්නේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ප්‍රමාණයක් බවද ඔහු සදහන් කරයි.
රජය වහාම වී සදහා පොදුවේ කිලෝවක් මිලදී ගන්නා අවම මිල රුපියල් 130ක් ලෙස තීරණයක් ගත යුතු බවට ගොවි සංවිධාන බල කළත් එම මිල යම් පමණකට එහාට මෙහාට කර ගැනීමට රජයට හැකියාව පවතින බවද ඔහු සදහන් කරයි.