සහල් මිල අඩු කරන්න පුළුවන්.. නාඩු රුපියල් 200යි.!

රනිල් IMF රහසිගත බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද වහාම ඉවත් කොට ජනතාවට සහන මිලට සහල් සැපයීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ජාතික ගොවිජන එකමුතුව සදහන් කරයි.

සහල් නිෂ්පාදන පද්ධතියේ අමතර කොටස් සදහා IMF යෝජනාවට අනුව පනවා ඇති 18% බද්ද සහ 2.5% සෙස් බද්ද ඉවත් කොට වෙළෙඳපොළ සහල් ඒකාධිකාරය බිඳ දැමීමට පියවර ගත යුතු බවද එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කරයි.

2024/25 මාස් කන්නයේ සහල් කිලෝවක් සදහා නිෂ්පාදන වියදම ජාතික ගොවිජන එකමුතුවේ තොරතුරු හා පර්යේෂණ ඒකකය විසින් ජනගත කිරීමට පියවර ගත් බවද සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කරයි.

සහල් කිලෝ එකක් නිෂ්පාදනයට වී කිලෝ 1.6ක් අවශ්‍ය වන බවත් කම්කරු කුලිය, විදුලි පිරිවැය, ඇසුරුම්, ප්‍රවාහන වියදම් සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියකුට රුපියල් 206.50ක්, මහා පරිමාණ සහල් මෝල් හිමියකුට රුපියල් 213.50ක් වැය වන බව සභාපතිවරයා සදහන් කරයි.

වී කෙටීමේදී ලැබෙන අතුරු නිෂ්පාදන ලාභය රුපියල් 3.84ක් ලෙස ගණනයේදී සහල් කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 204.66ක් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියකුටද මහා පරිමාණ සහල් මෝල් හිමියකුට රුපියල් 209.66ක් වන බවද සභාපතිවරයා සදහන් කරයි.

රටේ ජනතාවට රහසින් රනිල් IMF අත්සන් කළ යෝජනාවට අනුව පනවා ඇති වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කොට ආණ්ඩුව වහාම මැදිහත් වන්නේ නම් සහල් කිලෝවක් සදහා රුපියල් 21.15ක බද්ද ඉවත්වන බවත් එවිට රුපියල් 188.51ක් හාල් කිලෝවක පූර්ණ නිෂ්පාදන වියදම වන බවද සදහන් කරයි.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් පාරිභෝගිකයාට රුපියල් 200 – 210 මිලකට මාස් කන්නයේ සිට ලබාදීමට හැකියාව පවතින බවද සභාපති අනුරාධ තෙන්නකෝන් තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.