By unusuma.lk on
(LK time)මේ වනවිට ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ ඊට අනුබද්ධ ආයතන විසින් පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව ඉලක්ක කරගනිමින් සිදුකළ මහා පරිමාණයේ මූල්‍ය අවභාවිතයන් සහ අක්‍රමිකතාවන් රැසක් හෙළිදරව් වෙමින් පවතී.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) මෙම කරුණු විමර්ශනය කිරීම සඳහා විශේෂ අනුකමිටුවක්ද පත් කිරීමට තීරණය කර ඇත.
ජාතික තරුණ සේවා සභාව සහ Sri Lanka Youth Services (Private) Limited සම්බන්ධයෙන් 2022 සහ 2023 සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තා සමාලෝචනය කිරීමේදී මූල්‍ය අක්‍රමිකතා රාශියක් අනාවරණය වී ඇති අතර, වැඩිදුර සාකච්ඡා සඳහා හිටපු ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරුන් සහ නිලධාරීන්ද අවස්තා ගනනාවකදී පාර්ලිමේන්තුව වෙත කැඳවනු ලැබීය.
කෙසේවෙතත් ඊයේ දිනයේ පැවැත්වූ කාරක සභාව සඳහා කැඳවීම් ලද පිරිස අතර ජනප්‍රිය රංගන ශිල්පිනියගේ නමද ඇතුළත්ව තිබූ නමුත් ඇය අසනීප තත්වයක් හේතුවෙන් කාරක සභාව වෙත පැමිණීමට නොහැකි බව දන්වා ලිපියක් යොමුකර තිබුනි.
ඇයගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුනේ අසනීප තත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බවයි.
කෙසේවෙතත් අදාළ විමර්ශන කටයුතු සඳහා ඇය කෝප් කමිටුව ඉදිරියට නැවත වතාවක් කැඳවනු ඇත.