අද සිට දින 10කට වසා තැබෙන මාර්ගය.!

අද (14) දිනයේ සිට ජුනි මස (24) වනදා දක්වා දින 10ක් ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගය වසා තැබීමට පියවර ගෙන ඇත.

පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ නව බේලි පාලමක් ඉදිකිරිමට මෙලෙස වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් මෙලෙස නව පාලමක් ඉදිකිරීමට සිදුව ඇත.

මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස රියදුරන්ට දන්වා සිටියි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments