මධ්‍යම පළාතේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් දැවැන්ත පියවරක්.!

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

එම අධිකාරිය සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් කිලෝමීටර් 500ක පමණ එවැනි ස්ථාන ඇති බවත් ඒ අතරින් අධි අවදානම් සහිත ස්‍ථාන කිලෝමීටර් 15ක පමණක් මේ වනවිට ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බවත් ය.

ඒ අනුව, පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කරනු ඇති අතර මේ යටතේ මහනුවර , මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල මාර්ගවල අවදානම් ස්ථානවලද ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට සැලසුම් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments