By unusuma.lk on
(LK time)මුගුනුවටවන – පුංචි විලත්තව නිවසක පෙම් යුවළක් අතර හටගත් ආරාවුලක් දිගදුර යෑම නිසා 30 හැවිරිදි පෙම්වතා විසින් නිවසේ තිබූ වායු රයිපලයකින් පෙම්වතියට වෙඩි තබා, ඇය මියගියා යැයි සිතා ඔහු ද ගෙල වැලලා ගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.
කෙසේවුව ද දෙදෙනාගේ ම දිවි බේරා ගැනීමට පොලිසියට හා ප්රදේශවාසීන්ට හැකිවී ඇත. මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි තරුණයකු හා මාතර ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණියකි.
තම පියා සමග තනිව ජීවත් වන මෙම තරුණයා, දින කීපයකට පෙර තමන් විවාහ කර ගැනීමට සිටින මෙම තරුණිය නිවසට කැඳවාගෙන විත් ඇත. සිද්ධිය වන අවස්ථාවේ මෙම යුවල පමණක් එහි සිට ඇති බව ද කියැවේ.
පසුගිය 16 වැනිදා සවස දෙදෙනා අතර ඇතිවූ පලහිලව්වක් මුල්කර ගෙන මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මුහුණු ප්රදේශයට වැදුණු වෙඩි පහරත් සමග නිවසින් එලියට දිව ගොස් ඇති තරුණිය ප්රධාන මාර්ගය අසල වෙළෙඳසලක් ආසන්නයේ වැටී සිටිය දී ප්රදේශවාසීන් විසින් 1990 ගිලන් රථයකින් හලාවත මහා රෝහලට යවා ඇත.
පසුව තරුණයා පිළිබඳව සොයා බැලීමේදී නිවසේ දොරවල් වසාගෙන කාමරයක කඹයකින් ගෙල වැලලාගෙන සිටි ඔහු කඹය කපා රෝහල් ගත කිරීමට පොලිසිය හා ප්රදේශවාසීන් විසින් කටයුතු කොට ඇත.
30 හැවිරිදි පෙම්වතතා හලාවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හලාවත මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වැනිදා (අද) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.