හිටපු ඇමතිට එරෙහි නඩුවේ තීන්දුවට දින නියම වෙයි.!

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ තීන්දුව එළඹෙන අප්‍රේල් මස (02) වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ (05) ප්‍රකාශ කර ඇත.

පසුගිය 2012 සිට 2014 කාලය අතරතුර එස්.එම්. රංජිත් සමරකෝන් උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පෞද්ගලික ලේකම්ට අයුතු ලාබයක් ලබාදීමට කටයුතු කිරීම, ඉන්ධන දීමනාව වැටුප සමග ලබාදී තිබියදී ඉන්ධන ඇණවුම්පත් මගින් රුපියල් 2,680,528.10ක් ලබා ගැනීම, එසේ ලබාගැනීමට රජයේ නිලධාරීන් පෙළඹවීම ඇතුළු අධි චෝදනා 8ක් යටතේ මෙම නඩුව අල්ලස් කොමිසම මගින් මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.