By unusuma.lk on
(LK time)කොළඹ නගර සභාව පරාජයෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ බලය පිහිටුවීමේදී මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධව ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මෙමඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙන විපක්ෂනායකවරයා පැවසුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සඳහා ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය.
මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කිරීමට ඉහළ තැනකින් බලපෑම් ලැබුණේද යන්න දැන ගැනීමට අවශ්‍ය වන බවත් මේ වන විට ස්ථාන ගණනාවක මෙම මාර්ගෝපදේශ පැහැර හැර ඇති බැවින් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවක සභාපති සහ උප සභාපති තේරීමේදී මාර්ගෝපදේශ පිළිබඳ පැහැදිලි උපදේශන සහ නිර්ණායක රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බවත් පැවසූ විපක්ෂනායකවරයා පැවසුවේ මෙම කාර්ය නියමිත ආකාරයට ක්‍රියාත්මක වූ අවස්ථාවල සමගි ජන බලවේගයට හා විපක්ෂයට සභා ගණනාවක බලය හිමි වූ බවය.
එය දුටු වත්මන් රජය මේ වන විට බලපෑම් කරමින් මෙහි සඳහන් මාර්ගෝපදේශ වෙනස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
මාර්ගෝපදේශවල 07 වැනි පිටුවේ රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් පැවැත්වීම ගැන මත විමසන ආකාරය සඳහන් කර ඇති බව විපක්ෂනායකවරයා එහිදී එක් එක් සභිකයාගේ නව අඬගසා විසන ආකාරය සඳහන් ඇති බවත් පෙන්වා දෙන විපක්ෂනායකවරයා පැවසුවේ සමගි ජන බලවේගයත් විපක්ෂයත් මේ මාර්ගෝපදේශ අනුගමනය කිරීම තුළ සභාවල බලය ලබා ගැනීම හේතුවෙන් අත්තනෝමතික ලෙස මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට බලධාරීන් ඒ ඒ ප්‍රදේශ භාර පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කර ඇති බවය.
කොළඹ නගර සභාවේ සභිකයින් 60ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හැරීම ගැටළුවක් බවත් එම මාර්ගෝපදේශ වෙනස් කර තමන්ට අවශ්‍ය ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ පාර්ශ්ව කවරේද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායකවරයා පැවසුවේ දින කිහිපයකට පෙර පවා විමසූ අවස්ථාවේදී පවා මෙම මාර්ගෝපදේශ සලකන බවට පැවසූ නමුත් මේ වන විට මාර්ගෝපදේශ උල්ලංඝනය කර කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කටයුතු කර ඇති බවය.
ඒ අනුව මේ සම්බන්ධව ඉහළ පාර්ශ්වයකින් බලපෑම් ලැබුණේද යන්න දැනගැනීමට අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බැවින් මෙම ක්‍රියාවට එරෙහිව ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවය.