By unusuma.lk on
(LK time)2025 පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂයට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර අද (19) පැවති සාකච්ඡාවලින් පසු එම එකඟතාවට එළඹ ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් වන ඒකාබද්ධ නිවේදනයක් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, නීතීඥ තලතා අතුකෝරාළ සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.
