By unusuma.lk on
(LK time)2025/05/20 වන දින බදුල්ල නගරයේදි පුද්ගලයෙකු විසින් සිය තවත් අයෙකුට තියුනු ආයුධයකින් කපා කොටා තුවාල සිදුකරමින් සිටි අතරවාරයේදී තම ජීවිතය නොතකා තුවාලකරුගේ ජීවිතය බේරා ගැනිමට නිර්භීතව ඉදිරිපත් වු පුරවැසියාට සහ පොලිස් නිළධාරියාට විශේෂ ගෞරවයක් පුදකිරීමට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් කටයුතු කර තිබුනි.
එහිදී එම ගෞරවය පාත්‍රවූයේ මහියංගන මුලික මහ රෝහලේ සේවයේ නියතු යාපා මුදියන්සේලාගේ ප්‍රසන්න ශ්‍රී රසික බණ්ඩාර යාපා මහතා සහ බදුල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වරයෙකු ලෙස සේවයේ නියතු P.D.D. නිලන්ත (39276) මහත්වරුන් ය.
එම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාද සහභාගී වී සිටියේය.
