අතුරුදන් කතගේ තවත් ඡායාරූප එළියට.!

පාතාල නායක ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකාරියගේ ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් එම සැකකාරිය හඳුනා ගැනීම සදහා පොලීසිය විසින් මහජන සහාය ඉල්ලමින් මෙම ඡායාරූප නිකුත් කර ඇත.

ජාතික හැඳුනුම්පත් අංක 995892480V දරණ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන සැකකාරිය අවුරුදු 25ක් වූ 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකි.

මෙම සැකකාරිය හඳුනා ගැනීමට ඇගේ මෑත කාලයේ ලබාගත් ඡායාරූප කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.