සංජීව ඝාතනයට 30කගෙන් ප්‍රශ්න කරයි.!

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කරයි.

ගනේමුල්ල සංජීවගේ ඝාතනය සිදුවූ කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාවේ සිටි පුද්ගලයන්, බන්ධනාගාර නිලධාරීන්, ඉදිරිපස ආරක්ෂාවට සිටි පුද්ගලයන්ගෙන් එලෙස ප්‍රකාශ ලබාගෙන ඇති බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

මෑත කාලයේ සිදු වූ මෙවැනි වෙඩි තැබීම්වලින් මෙම ක්‍රියාවට සම්බන්ධ වන බහුතරයක් සන්නද්ධ හමුදාවල හෝ පොලිසියේ සාමාජිකයන් බව ඉතා පැහැදිලිව පෙනී යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

මේ අතර ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 10 දෙනකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.