By unusuma.lk on
(LK time)සවුදි අරාබියෙන් ප්‍රදානයක් වශයෙන් රාමසාන් උපවාස සමය සදහා මෙරටට ලබාදී තිබෙන රටඉඳි තොගයට ශ්‍රී ලංකා රේගුව මඟින් බදු අය කර ඇති බව අද (28) දින අනාවරණය විය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ, රටඉඳි සදහා ඇති බදු රාමසාන් උපවාස සමයේදී රජය විසින් ලිහිල් කරන බවයි.
එහෙත් අදාළ තීරණය අනුව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම රට ඉඳි තොගය ලැබී ඇති නිසා ඒ සදහා බදු අය කර ඇති බවත් ඊට අවශ්‍ය සහනය ලබාදීමට මේ වනවිට අවධානය යොමුකර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
සෞදියෙන් ප්රදානය කෙරුණු මෙට්‍රික් ටොන් 50ක් වන රට ඉඳි තොගය සදහා රේගුව රුපියල් මිලියන 33ක බදු අයකර ඇත.