By unusuma.lk on
(LK time)පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනය ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් සිටිනා බවත් එම ප්‍රමාණය මුළු ජනගහනයෙන් 18%කට ආසන්න බවත් ය.
මෙම වැඩිහිටි ප්‍රජාව අතරින් 1/3 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වනුයේ ස්ථාවර තැන්පතු ප්‍රමාණයක් බැංකුවේ තබාගෙන එයින් මාසිකව ලැබෙන පොලියෙන් බවත් මේ වනවිට බැංකු පොලී අනුපාතයන් ඉතාම පහල මට්ටමක පැවතීම හේතුවෙන් එම ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් වාර්තා වේ.
ලංකාවේ 2023 ආරම්භය වනවිට පොලී අනුපාතය ඉතා ඉහළ මට්ටමක පැවැති අතර, ඒ නිසා ලක්ෂ 10කට ආසන්න මුදලක් ස්ථාවර තැන්පතු ලෙස පවත්වාගෙන යෑම තුළින් ඔවුන්ට මාසිකව රුපියල් 20,000කට ආසන්න පොලී ආදායමක් ලැබිණි.
එම පොලී ආදායම තුළින් තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට, එනම් ඖෂධ ආදී මිලදී ගැනීමට ඔවුන්ට හැකියාව තිබූ නමුත් මේ වනවිට ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී ප්‍රමාණය 7%ක් හෝ 8%ක් දක්වා පහළ ගොස් ඇති බැවින් ලක්ෂ 10ක තැන්පතුවක් සඳහා මාසිකව ලැබෙන පොලී ආදායම රු. 6,000කට ආසන්න මුදලක් දක්වා පහත වැටී ඇත.