By unusuma.lk on
(LK time)අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ හජ් උත්සවය හේතුවෙන් දිවයිනේ සියලුම මුස්ලිම් පාසල් දෙදිනක් නිවාඩු ලබාදීමට තීරණය කළ බවයි.
ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසූවේ ජුනි 6 සහ 9 යන දිනවල අදාළ පාසල් වසා තබන බවයි.
එම පාසල් නිවාඩු දින වෙනුවෙන් 2025.05.26 සඳුදා හා 2025.05.27 අඟහරුවාදා දිනයන්හි දී පාසල් පැවැත්විය යුතු බව ද, ඒ අනුව, 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය 2025.05.26 දින ආරම්භ කෙරෙන බවටත් වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන්.