සියළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට MSD ආරක්ෂාව.?

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කථානායක ජගත් වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 දෙනාටම ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ (MSD) පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

කථානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ​ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින් වරින්වර තමා වෙත කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම ඉල්ලීම් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ බවයි.

ඒ අනුව ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇත.

Update –

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණ ද ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

අදාළ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වාර්තා සලකා බලා අවශ්‍ය නම් පමණක් අදාළ මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් සිදුකර නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මන්ත්‍රීවරුන්ගේ නිවාස සහ ඔවුන් සහභාගී වන උත්සව සඳහා පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.