ලිංගික හිංසනයට එරෙහි ප්‍රථම ආදර්ශය පාර්ලිමේන්තුවෙන්.!

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරනා කාන්තා සේවිකාවන් කිහිප දෙනෙකු මුහුනපා ඇතැයි පැවසෙන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව තුල සාකච්ඡාවට ලක්විය.

ඒ අනුව එම ලිංගික හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පවසන්නේ මෙම සංවේදී කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී පුළුල් සාකච්ඡාවක් පැවැත්වුණු බවයි.

විශේෂයෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීම සඳහා කතානායකවරයාගෙන් විධිමත් ඉල්ලීමක් කිරීමට එම සාකච්ඡාවේදී ඒකමතික තීරණයක් ගෙන ඇති බවද ඇය වැඩිදුරටත් පවසයි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, මෙම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

මේ අතර, කතානායක කාර්යාලය ප්‍පවසන්නේ මෙම සිද්ධිය පිළිබඳව මූලික වශයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා, ඉන් අනතුරුව බාහිර විමර්ශනයක් සිදු කිරීමට කතානායකවරයා තීරණය කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දක්වන උනන්දුව සහ කතානායක කාර්යාලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග, රාජ්‍ය සේවයේ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ගනු ලබන සාධනීය පියවරක් ලෙස දැක්විය හැකිය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.