By unusuma.lk on
(LK time)බංග්ලාදේශයේ ආරම්භ වූ අරගලයෙන් පසුව බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂීක් හසීනාගේ පවුලේ නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශකර ඇත.
දැනට රටින් පැන ගොස් සිටින හසීනා ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය හරහා ජාතිය අමතනු ඇතැයි යන පුවතත් සමඟ මෙම නොසන්සුන්තාව ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය බදාදා සවස, හසීනාගේ නැසීගිය පියා වන බංග්ලාදේශයේ ආරම්භක ජනාධිපති ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවස ඩෝසර් යන්ත්‍රයක් යොදාගනිමින් කඩා බිඳ දැමීය.
එම විනාශ කළ නිවසද මීට පෙර කෞතුකාගාරයක් ලෙස භාවිත කිරීමට සැලසුම් කර තිබුණි.
හසීනාගේ පියා නිදහස් වීරයෙකු ලෙස පුළුල් ලෙස සලකනු ලැබේ, නමුත් ඔහුගේ දියණිය හසීනා කෙරෙහි ඇති කෝපය හේතුවෙන් මෙලෙස විරෝධතා මතුව ඇත.
වසර 20 ක් බංග්ලාදේශය භාරව සිටි 77 හැවිරිදි හසීනා, ඒකාධිපතියෙකු ලෙස සැලකේ.
ෆේස්බුක් සජීවී විකාශයක දී හසීනා තම පියාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් “යුක්තිය” ඉල්ලා සිටියාය. “ඔවුන්ට ගොඩනැගිල්ලක් කඩා දැමිය හැකිය, නමුත් ඔවුන්ට ඉතිහාසය මකා දැමිය නොහැක,” ඇය එහිදී පැවසුවාය.
පසුගිය අගෝස්තු මාසයේදී හසීනා ඉන්දියාවට පලා ගිය අතර පසුගිය වසරේ විරෝධතා මර්දනය කිරීමට හසීනාගේ රජය උත්සාහ කිරීමේදී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගියහ.