වාහන 3,000ක් සමඟ නෞව්කාවක් ගින්නකට බිලි වෙයි.!

මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක්  ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිටි නෞව්කාවක් ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී ගිනිගැනීමට ලක්ව තිබේ.

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇත.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී ඇති අතර එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments