By unusuma.lk on
(LK time)ලයිබිරියාවේ ධජය සහිත තෙල් සහ අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් අරාබි මුහුදේ ගිලී යාමේ සිද්ධියෙන් පසු ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ බලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
එම නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මුදා ගත් අතර නෞකාවේ තිබු බහාලුම් 640ක් ගොඩබිම වෙත ගාසා ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නෞකාවෙන් සහ එහි භාණ්ඩවලින් කාන්දු වූ තෙල්, ඉන්ධන සහ අනෙකුත් හානිකර ද්‍රව්‍ය හේතුවෙන් සාගර ජීවීන්ට සහ වෙරළ ආසන්නයේ සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට අනතුරක් විය හැකි බව ඉන්දීය බලධාරීන් සඳහන් කරයි.
එනිසා වෙරළ අසල ජීවත් වන පදිංචිකරුවන්ට වෙරළට ගසාගෙන ආ බහාලුම් හා තෙල් ස්පර්ශ නොකරන ලෙස ඉන්දීය බලධාරීන් උපදෙස් ලබාදී ඇත.