By unusuma.lk on
(LK time)අධ්‍යාපණ අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (23) පාර්ලිමේන්තුවේදී පැවසූවේ පාසල් දරැවන් ලක්ෂ හතකට මේ වසරේදී සපත්තු ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
ඇය වැඩිදුරටත් පැවසූවේ ළමුන් 250 ට අඩු පාසල්වල සියලුම දරුවන්ට සපත්තු ලබාදීමට අධ්‍යාපණ අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය මේ බව පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයේ නඩු තීන්දුව හේතුවෙන් ප්‍රශ්න පත්‍ර බැලීම නතර කිරීමට සිදු වූ බවත් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය වැඩිදුරටත් පැවසීය.