විපක්ෂය පාර්ලිමේන්තුවේ යකා නටන අතරේ බෝම්බ පුපුරයි.!

සර්බියානු පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් “දුම් බෝම්බ” පුපුරුවා හැරීමත් සමඟ කළහකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරුවන් සමඟ ගුටි බැට හුවමාරු සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාලය හරහා බෙදාගත් දර්ශනවල විපක්ෂ මන්ත්‍රීවරු ගිනිදැල් දල්වා දුම් බෝම්බ විසි කරන ආකාරය පාර්ලිමේන්තුවෙි සැසිවාරය ආරම්භ වනවිට සිදුවු අතර සමහර මන්ත්‍රීවරුන් ගැටුම්වල නියැලෙන බව පෙනෙන්නට තිබුණේය.

මෙම හදිසි කලහකාරී තත්ත්වය හමුවේ එක් මන්ත්‍රීවරයෙකු පපුවේ අමාරුවක් හේතුවෙන් රෝහල්ගත කළ බවත් තවත් මන්ත්‍රීවරයෙකු ස්වසන අපහසුතා හේතුවෙන් රෝහල් ගත කළ බව පාර්ලිමේන්තු කතානායක අනා බ්‍රැතැබික් සදහන් කරයි.

සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූ සික්ය සහ අග්‍රාමාත්‍ය මයිලෝස් වූ සෙවික්ය බලයේ සිටින අතර ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍ය වූ සෙවික්ගේ රජයටත් මාස ගණනක පටන් විරෝධතා එල්ල වෙමින් ඇත.

Loading

One thought on “විපක්ෂය පාර්ලිමේන්තුවේ යකා නටන අතරේ බෝම්බ පුපුරයි.!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *