වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සිංගප්පූරු නෞකාවක පිපිරීමක්.!

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අනුව MV Wan Hai 503 නම් වූ මීටර් 270ක් දිගින් යුත් මෙම යාත්‍රාව පසුගිය ජුනි 07 වැනි දින කොළඹ වරායෙන් පිටත් වී මුම්බායි බලා යමින් තිබූ අතර, එය මුම්බායි ‘නවා ශෙවා‍් වරාය වෙත ජුනි 10 වැනි දින පැමිණීමට නියමිතව තිබූ බවයි සඳහන් වෙන්නේ.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු සිට ඇති අතර, ඉන් 18 දෙනෙකු බෝට්ටු මාර්ගයෙන් නැව අතහැර දමා ගොස් ඇති බවත්, පිපිරීම සිදුවන අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බවත් සඳහන්.

ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තුවාල ලැබූ කාර්ය මණ්ඩලය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිඛෙනවා.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments