සිංහල හින්දු අවුරුදු නැකත් වෙනස් වෙයි.?

සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් එළ⁣ඹෙන 2026 වසරේ සිට දියත් කිරීමට, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් අතර අද (24) පැවැති හමුවකදී අවධානය යොමුව ඇත.

2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සියල්ල මේ වනවිට ජනගත වී ඇති බැවින් එහි කිසිදු වෙනස්කම් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බව ඔවුන් සදහන් කරයි.

2026 වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත් ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බව ඔවුන් සදහන් කරයි.

එහිදී ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු දෙනාට සිය යෝජනා ඉදිරිපත් කිරීමටත්, ඔවුන්ට එක් දිනකදී රැස්වීමකට සහභාගී වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.