By unusuma.lk on
(LK time)සජබ ඇතුළු විපක්ෂයේ පක්ෂ 13ක් පළාත් පාලන ඡන්දය අප්‍රේල් මාසයේ නොපවත්වා ටික කලකට පසුව පවත්වන ලෙසට සඳහන් කරමින් ලිඛිත ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඊයේ (13) ඉදිරිපත් කළහ.
එම ඉල්ලීම බාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ නියෝජිතයින් අදහස් දැක්වූහ.
සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසූවේ අප්‍රේල් මාසයේ මැතිවරණය පැවැත්වීමෙන් අපේක්ෂකයන්ට විශාල අසාධාරනයක් සිදුවිය හැකි බැවින් මැතිවරණ කොමිසමට මෙම මැතිවරණය කල් දැමීම සඳහා වූ ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.
එමෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසූවේ පක්ෂයක් ලෙස පසුගිය මහ මැතිවරනයට අති විශාල මුදලක් ඇප ලෙස තැම්පත්කර ඇති බැවින් එම අරමුදල් නැවත ලබාගැනීමකින් තොරව තවත් මැතිවරණයක් සඳහා අවශ්‍ය මුදල් සපයාගැනීමේ අපහසුතාවයක් ඇති බවයි.