By unusuma.lk on
(LK time)පළාත් පාලන මැතිවරණයෙන් පසුව එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදි මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යොමු කර ඇත.
ඒ අනුව මේ වනවිට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කරගැනීමේ අර්බුදය තවදුරටත් උඩු දුවමින් ඇත.