By unusuma.lk on
(LK time)විපක්ෂයේ දේශපාලන පක්ෂ හතරක් පළාත් පාලන ආයතනවල බලය තහවුරු කිරීමට යැයි පවසමින් හවුලක් ආරම්භ කළේය.
මෙම හවුලට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත් වේ.
විපක්ෂයේ මෙම පක්ෂවල එකිනෙකාට නැගු දූෂණ හා වංචා චෝදනා මෙම අවස්ථාවේ අදාළ නොවන බව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් සඳහන් කරයි.
සමගි ජන බලවේගය වෙනුවෙන් තිස්ස අත්තනායක, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් තලතා අතුකෝරාල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ලසන්ත අලගියවන්න ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්ව සිටියේය.
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් සමග ඒකාබද්ධ වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවද ඔවුන් සඳහන් කරයි.