By unusuma.lk on
(LK time)දේශපාලන පක්ෂ දෙකක් ලෙස පසුගිය ජනාධිපතිවරනයට සහ මහ මැතිවරනයට මුහුණ දුන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සිය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ අදාල සාකච්ඡාව සම්බන්ධයෙන් දෙපාර්ශවයේ කමිටු සාමාජිකයින් අතර එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.
එහිදී දෙපාර්ශවයේම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද නියමිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.