By unusuma.lk on
(LK time)අද (29) දිනයේ සිට (30), (01) සහ (02) යන දිනවල පෙබරවාරි (04) වනදාට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව පැවැත්වීමට කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම්, මාර්ග වසා තැබීම් හා විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර ඇත.
නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු කරන දිනයන්හි පාසැල් පැමිණෙන ළමුන්ට බාධාවක් සිදුනොවන අයුරින් පෙරවරු 08.00 සිට රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය සදහන් කරයි.
ගමනාගමනය සීමා කර හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟ හැර කොළඹට ඇතුල් විය හැකිය.
01.නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන රථවාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ස්ටැන්ලි විජේසුන්දර මාවතින් බෞද්ධාලෝක මාවතට ඇතුල් විය හැකිය.
02.බෞද්ධාලෝක මාවතින්, හෝර්ටන් වටරවුම දෙසට පැමිණෙන වාහන සඳහා විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් විජේරාම ඔස්සේ හෝර්ටන් පෙදෙස දෙසට ගමන් කල හැකිය.
03.විජේරාම මාවත ඔස්සේ විද්‍යා විජේරාම හන්දියෙන්, තුම්මුල්ල දෙසට ගමන් කරන රථවාහන සඳහා විද්‍යා විජේරාම හන්දිය ඔස්සේ බුලර්ස් විජේරාම දෙසට පැමිණ කනත්ත දෙසට සහ තුම්මුල්ල දෙසට ගමන් කල හැකිය.