චන්ඩි පාට් අවසන්.. ලංගමට සීසන් අනිවාර්ය කරයි.!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දරුවන්, ‌කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල සහ වැඩිහිටි පුද්ගලයින් ලංගම බස්රථ වල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇති බවයි.

එම වාර ප්‍රවේශ පත්‍ මිලදී ගත් පුද්ගලයින් ලංගම බස්රථ මගින් රැගෙන යාම ප්‍රතික්ෂේප කළහොත් මණ්ඩලීය පිලිවෙත් අනුව දැඩි වරදක් බවත් සියළුම ප්‍රවේශ පත්‍ර ලාභීන් බස්රථ වල ප්‍රවාහනය කළ යුතු බවද සදහන් කරයි.

යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශ පත්‍ර ලාභීන් ලංගම තොරතුරු කේන්ද්‍රය වෙත ‘1958’ දුරකථන අංකය මඟින් දැනුවත් කරන ලෙසද ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.

තවද යම්කිසි බස් සේවක කණ්ඩාමක් එම ප්‍රවේශ පත්‍ර ලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරයි.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.