By unusuma.lk on
(LK time)පසුගියදා දඹුල්ල කණ්ඩලම ප්රදේශයේදී දකුණු ආසියාවේ පළමු වතාවට 100%ක් කාන්තා සේවක කාර්ය මණ්ඩලයක් සහිත “අඹ යාලු” නමින් සංචාරක හෝටලය විවෘත කෙරිණි.
මෙම සංචාරක හෝටලයේ විවෘත කිරීම තානාපති කාර්යාල නිළධාරීන් රාජ්ය නිලධාරීන් මෙන්ම සංචාරක හෝටල් කර්මාන්ත වල හිමිකරුවන්ගේ සහභාගග්වයෙන් සිදු කෙරුණු අතර එම හෝටලයේ පිරිත් දේශනය සඳහා ද වැඩම කර සිටිනු ලැබුවේ භික්ෂුණීන් වහන්සේලා දෙනමකි.
“තේමා කලෙක්ෂන්” ආයතනයට අනුබද්ධව ඉදි කෙරුණු මෙම සංචාරක හෝටලයේ සියලු කටයුතු කාන්තාවන් අතින් සිදුවීම විශේෂත්වයකි.
අඹ යාලු හෝටලයේ ප්රධාන මුළුතැන් ගෙය භාරව කටයුතු කරන සුපවේදනී කෞෂයා බටගොඩ මහත්මිය පැවසූවේ තමන් විදෙස් රටවලින් හ දේශීය රටවලින් ලබාගත් දැනුම උපයෝගී කරගෙන දකුණු ආසියාවේ 100% කාන්තා සේවකයන්ගෙන් සැදුම් ලත් හෝටලයේ ප්රධාන කෝකිවරිය වීම තමන් ජීවිතේ ලද මහත් ගෞරවයක් බවය.