By unusuma.lk on
(LK time)ප්‍රවාහන මහාමර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ 2026 ජනවාරි මාසයේ සිට මෙරට පොදු ප්‍රවාහනය සඳහා දැනට භාවිත කරනා නිසි ප්‍රමිතියෙන් සහ ආරක්ෂාවෙන් තොර ඉන්දියානු බස් රථ මෙරටට ආනයනය කිරීම තහනම් කරන බවයි.
ඔහු මේ බව පැවසුවේ, රම්බොඩ, ගැරඩිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පසුගිය දා කරුණු පැහැදිලි කරමින් එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ය.
මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නා බස් රථ සම්බන්ධයෙන් විශේෂිත මාර්ගෝපදේශන මාලාවක් කඩිනමින් ඉදිරිපත් කර ඊට අනුකූල බස් රථ පමණක් ආනයනය කිරීමට කටයුතු කරනා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට මෙරට පවතින එවැනි බස් රථ භාවිතයෙන් ඉවත්කිරීම සඳහා දීර්ගකාලීන වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවත්, දෙවන අදියර ලෙස එම කටයුත්ත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රථ වාහන අනතුරු වළක්වා ගැනීම සඳහා රියැදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති ලංගම සහ පෞද්ගලික දුර ගමන් සේවා බස් රථ සඳහා හඳුන්වා දීමට පියවර ගන්නා බවද බිමල් රත්නායක මහතා පැවසීය.
ඉදිරියේදී මගී ප්‍රවාහනයට අවසර ලැබෙන්නේ AI වැනි තාක්ෂණික පහසුකම් සහිත බස් රථවලට පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම තාක්ෂණික ක්‍රමවේදය බර වාහන සහ දුම්රිය සේවය සඳහා ද හඳුන්වා දීමට කටයුතු කරන බව ත් එමෙන් ම දුර සේවා රියැදුරන්ට විවේක ගැනීමට ඇති ස්ථාන නවීකරණය කර සකස් කිරීමට කටයුතු කරන බව ත් ය.