By unusuma.lk on
(LK time)අද (05) දිනයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සදහා රුපියල් 2000ක මුදලක් ගෙවිය යුතුයි.
ඒ අනුව උදෑසන ආහාර වේල රුපියල් 600 කටත්, දහවල් ආහාර වේල රුපියල් 1200 කටත්, සවස තේ රුපියල් 200 කටත් ලබාදිය යුතු බවට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කළේය.
පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගනු ලැබුවද ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස් වන්නේ අද දිනයේයි.